අත්විලංගු සහිතව පුත්තලම අධිකරණ භූමිය තුළ සිටිය දී පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසනවා.
මෙලෙස පළාගොස් ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා මදුරන්කුලිය ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටිය දී ඉකුත් 25 වනදා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.
මොහු ප්‍රදේශයේ කිසිදු අපරාධයකට සම්බන්ධ බවට ඒ වන විට තොරතුරු අනාවරණය වී නොමැති අතර, අවට පොලිස් ස්ථානවලින් ද සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඔහු විසින් අපරාධයක් සිදුකර නොමැති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (26) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
සැකකරු විසින් සිදුකර ඇති අපරාධ හෝ වෙනත් වැරදි නොමැති බැවින් ඔහුව ඇප මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.
එහිදී සැකකරුට ඇප ලබාදීම සදහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති අතර, ඒ අනුව ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් භාරගන්නා තුරු ඔහුව අධිකරණ භූමිය තුළ අත්විලංගු සහිතව රඳවාගෙන තිබෙනවා.
එම අවස්ථවේ දී අදාළ සැකකරු අත්විලංගු සහිතව පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.




