උසාවියෙන් ඇප ලැබුණු සැකකරු මාංචු එක්කම පැන ගිහින්

අත්විලංගු සහිතව පුත්තලම අධිකරණ භූමිය තුළ සිටිය දී පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා මදුරන්කුලිය ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටිය දී ඉකුත් 25 වනදා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

මොහු ප්‍රදේශයේ කිසිදු අපරාධයකට සම්බන්ධ බවට ඒ වන විට තොරතුරු අනාවරණය වී නොමැති අතර, අවට පොලිස් ස්ථානවලින් ද සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඔහු විසින් අපරාධයක් සිදුකර නොමැති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (26) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

සැකකරු විසින් සිදුකර ඇති අපරාධ හෝ වෙනත් වැරදි නොමැති බැවින් ඔහුව ඇප මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

එහිදී සැකකරුට ඇප ලබාදීම සදහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති අතර, ඒ අනුව ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් භාරගන්නා තුරු ඔහුව අධිකරණ භූමිය තුළ අත්විලංගු සහිතව රඳවාගෙන තිබෙනවා.

එම අවස්ථවේ දී අදාළ සැකකරු අත්විලංගු සහිතව පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

  1. අනේ අල්ලගෙන ඇවිල්ල ඉක්මනට ආයෙත් ඇපදෙන්න. මිනිහා හිතන්න ඇති මාංචු දෙක මිනිහට තියාගන්න දුන්න කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28