රට තුළ පිරිමි සමලිංගිකයින් 80,000ක් – ලිංගාශ්‍රිත රෝග බෝවීම සම්බන්ධයෙන් රට අවදානම් තැනක

HIV ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝගී තත්ත්වයන් බෝවීම සම්බන්ධයෙන් අවදානම් මට්ටමක් රට තුළ පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු පවසන්නේ පවතින වාර්තා අනුව HIV ඒඩ්ස් ආසාදිතයින් ආසන්න වශයෙන් 6,000ක් පමණ රට තුළ සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කාන්තා ලිංගික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 35,000ක් පමණ වන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

ඊට අමතරව පිරිමි සමලිංගිකයින් ආසන්න වශයෙන් 80,000ක් පමණ රට තුළ සිටින බවට වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ලිංගිකව පරිවර්තන වූ (ට්‍රාන්ස් ජෙන්ඩර්) කාන්තාවන් ආසන්න වශයෙන් 35,00ක් පමණ රට තුළ සිටින බවට ලිංගාශ්‍රිත බෝවන රෝග වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වාර්තාවල දැක්වෙන බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කර සිටියේ.

ඊට අමතරව මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා ප්‍රමාණය ආසන්න වශයෙන් 3,500ක් පමණ වන බවත්, රට තුළ හඳුනාගත් බීච් බෝයිලා 6,000ක් පමණ සිටින බව එම වාර්තාවල සඳහන් බවයි ඔහු පැවසුවේ.

මේ අතර ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ ලක්ෂයකට අධික ලිංගික ශ්‍රමිකයින් සංඛ්‍යාවක් රට තුළ සිටින බව සඳහන් කළ වෛද්‍යවරයා, ශ්‍රී ලංකාව ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය සම්බන්ධව අනතුරුදායක හැසිරීම්වල නිරතවන සැළකිය යුතු පිරිසක් ජීවත්වන රටක් බවයි වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15