බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (24) සවස කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී උප සභාපතිවරයාට මෙම පහර දීම සිදුව ඇති අතර ඉන්පසුවද යතුරුපැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි උප සභාපතිවරයා පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත විසින් පහර දීමක් සිදුව තිබෙනවා.
මේ පිළිබඳ උප සභාපතිවරයා පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි සඳහන් වන්නේ එදින රැය පහන්වීමට පෙර තමන් මරා දමන බවට ද පහරදුන් පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවයි.
එලෙස පහරදුන් සැකකරු මෙවන් විට හඳුනාගෙන ති බවයි පොලිසිය සඳහන් කළේ.
එම පහර දීමෙන් පසු ගාල්ල ජාතික රෝහලට ගිය උප සභාපතිවරයා මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




