මාර්ගයේ වැටී තිබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට අයත් මුදල් පසුම්බියක් එහි හිමිකාරිනිය සොයා ඇය වෙත භාරදීමට අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ හා කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී යන නිලධාරීනියන් දෙදෙනා පසුගිය දා කටයුතු කර තිබුණා.
පසුගිය 23 වනදා නාරාහේන්පිට – තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබිය දී මෙම මුදල් පසුම්බිය අදාළ පොලිස් නිලධාරිනියන් දෙදෙනාට හමු වී තිබෙනවා.
එම මුදල් පසුම්බිය සබ්‍රිනා කැමරන් නැමැති බ්‍රිතාන්‍ය ජතික කාන්තාවකට අයත් බවට අනාවරණය වී ඇති අතර,
අනතුරුව ඇය අගමැති ආරක්ෂක කොට්ඨාසය වෙත කැඳවා භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම මුදල් පසුම්බියේ ශ්‍රී ලංකා මුදල් රුපියල් හයදහසක්, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා විදෙස් මුදල් දේශීය හා විදේශීය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු වටිනා කියකියවිලි රැසක් තිබී ඇති බව සඳහන්.
සිය මුදල් පසුම්බිය ලබාගත් විදෙස් ජාතික කාන්තාව පොලිස් නිලධාරීණියන්ගේ අවංක ක්‍රියා කලාපය සම්බන්ධව එම නිලධාරීණියන්ටත්, ශ්‍රී ලංකා පොලිසියටත්, අගමැති ආරක්ෂක කොට්ඨාසයටත් ස්තූතිය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.















