විදෙස් කතගේ නැති වූ මුදල් පසුම්බිය යළිත් ඇය අතටම පත් කළ පොලිස් නිලධාරිනියන් දෙදෙනා

මාර්ගයේ වැටී තිබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට අයත් මුදල් පසුම්බියක් එහි හිමිකාරිනිය සොයා ඇය වෙත භාරදීමට අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ හා කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී යන නිලධාරීනියන් දෙදෙනා පසුගිය දා කටයුතු කර තිබුණා.

පසුගිය 23 වනදා නාරාහේන්පිට – තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබිය දී මෙම මුදල් පසුම්බිය අදාළ පොලිස් නිලධාරිනියන් දෙදෙනාට හමු වී තිබෙනවා.

එම මුදල් පසුම්බිය සබ්‍රිනා කැමරන් නැමැති බ්‍රිතාන්‍ය ජතික කාන්තාවකට අයත් බවට අනාවරණය වී ඇති අතර,
අනතුරුව ඇය අගමැති ආරක්ෂක කොට්ඨාසය වෙත කැඳවා භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මුදල් පසුම්බියේ ශ්‍රී ලංකා මුදල් රුපියල් හයදහසක්, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා විදෙස් මුදල් දේශීය හා විදේශීය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු වටිනා කියකියවිලි රැසක් තිබී ඇති බව සඳහන්.

සිය මුදල් පසුම්බිය ලබාගත් විදෙස් ජාතික කාන්තාව පොලිස් නිලධාරීණියන්ගේ අවංක ක්‍රියා කලාපය සම්බන්ධව එම නිලධාරීණියන්ටත්, ශ්‍රී ලංකා පොලිසියටත්, අගමැති ආරක්ෂක කොට්ඨාසයටත් ස්තූතිය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18