අත්අඩංගුවට ගැනුණු රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකාර සිසුන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) දහවල් ගැටුමක් හටගෙන තිබුණා.
පෙරේදා දිනයේ පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත මෙම ගැටුම හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත අතර, කෘෂිකර්ම පීඨයේ දෙවැනි හා තුන්වැනි වසරේ සිසුන් නේවාසිකාගාර වලින්ද ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවා.
අනතුරුව පොලීසිය විසින් ගැටුමට අදාළව එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.




