ක්‍රිකට් තරගයක් ගැටුමක් දක්වා දුර ගිහින් – රුහුණු සරසවියේ 21 රිමාන්ඩ්

අත්අඩංගුවට ගැනුණු රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර සිසුන් මාතර ප්‍රධාන ම⁣හෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) දහවල් ගැටුමක් හටගෙන තිබුණා.

පෙරේදා දිනයේ පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත මෙම ගැටුම හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත අතර, කෘෂිකර්ම පීඨයේ දෙවැනි හා තුන්වැනි වසරේ සිසුන් නේවාසිකාගාර වලින්ද ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවා.

අනතුරුව පොලීසිය විසින් ගැටුමට අදාළව එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03