ඉතිහාසයේ පළමුවරට ජපානයට අග්‍රාමාත්‍යවරියක්

ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි ටකයිචි තෝරා පත්කරගෙන තිබෙනවා.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ජපාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 237ක් ඇයට හිමිව තිබුණා.

එම ඡන්ද සංඛ්‍යාව සරල බහුතරයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ජපාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ 64 හැවිරිදි මෙම කොන්සර්වේටිව් මන්ත්‍රීවරිය ඡන්ද 237ක් ලබා ගනිමින් ආසන 465 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සීමාව පහසුවෙන් ලබාගත් බවයි.

ඒ, අනුව ජපානයේ 104 වන අගමැතිනිය ලෙස ටකයිචි අද (21) සවස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?