පවතින සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ ලබන 07 වැනිදා සංචරණ සීමා ලිහිල් කර රට විවෘත කරන්නේ ද නැති ද යන්න පිළිබඳව මේවන තෙක් තීරණය කොට නොමැති බව යි.
සංචරණ සීමා ලිහිල් කරන දිනය තීරණය වන්නේ ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්දන සාකච්ඡාවල දී ඉදිරිපත් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස් අනුව බව යි ඔහු පවසන්නේ.
පසුගිය 28 වැනි දා පැවති කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීම අතරතුර තීරණය වූයේ ඒවන විට පැවැති සංචරණ සීමා ජුනි 7 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට යි.
ඒ අනුව පෙර තීරණය කර තිබූ පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු වූයේ නැහැ