ගොවි සමිතියෙන් අල්ලස් ගත් කම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් දහතුන් දහස් දෙසීයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් කම්කරුවෙකු (යන්ත්‍ර ක්‍රියාකරුවෙකු) සහ නඩත්තු කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කම්කරුවෙකු සහ අක්කරපත්තුව සහකාර ඉංජිනේරු ඒකක කාර්යාලයේ නඩත්තු කම්කරුවෙකු බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

අඩ්ඩාල වන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත කොච්චිකච්චේන කුඹුරු යායට යන මාර්ගයේ දී ඊයේ (17) මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කොච්චිකච්චේන කුඹුරු යායට ජලය සපයන ඇල මාර්ගය සුද්ද කිරීමට පැමිණිලිකරු සභාපතිත්වය දරණ ගොවි සමිතිය මඟින් කරන ලද ඉල්ලීමට අනුව, අක්කරපත්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති ස්කැවේටර් යන්ත්‍රය සඳහා ගොවි සමිතිය මඟින් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා, ඒ සඳහා වැඩිපුර ඩීසල් ලීටර් 51ක් වැය වන බවට දන්වා ඒ වෙනුවෙන් රුපියල් දහතුන්දහස් දෙසීයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම් දී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09