සෙව්වන්දිට රැකවරණය දුන් තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

සංවිධානාත්මක ආපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් සපයා ඇයට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනා පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.

අලු‍ත්ගම පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ නැන්දම්මා සහ මතුගම ශාන් නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අපරාධය සිදුකිරීමෙන් පසු සෙව්වන්දි සැඟවී සිටි ස්ථාන පරීක්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමටයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් කටයුතු කළේ.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව මතුගම සහ මිද්දෙණිය යන ප්‍රදේශවල මාස ​​තුනක පමණ කාලයක් සැඟව සිට ඇති බවයි ඉෂාරා සෙව්වන්දි විමර්ශකයින්ට පවසා ඇත්තේ.

අනතුරුව බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගිය බවයි ඇය තවදුරටත් පවසා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56