ඖෂධ මිල නියාමනය සඳහා නව ගැසට් පත්‍රයකට අනුමැතිය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමි වුණා.

ගැසට් පත්‍රයේ සඳහන් මෙම නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබාදීම සිදුවුණා.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතු බවයි.

මෙම නියාමන කටයුතු 2017 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 දෙසැම්බර් 22 සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ඔහු පවසා සිටියා.

මෙම නියාමන ක්‍රමවේදය ප්‍රකාශයට පත් නොකිරීම මෙම විරෝධයට හේතුවූ බවත් ඒ අනුව 2024 අගෝස්තු මස මෙම නියාමන ක්‍රමවේදය පළ කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් එය ද අභියෝගයට ලක් වූ බවත් වෛද්‍ය විජේවික්‍රම සඳහන් කළා.

ඒ අනුව නැවත 2025 ජූලි 21 වැනිදා අංක 2446/34 ගැසට් පත්‍රය පළ කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මිල නියාමන කමිටුවක් මගින් මිල තීරණය කරන බවත් මෙම කමිටුව එක් එක් අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස පැවසුවේ මෙය ප්‍රමාද වූ ගැසට් පත්‍රයක් බවත් ඖෂධ ආනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම නියෝග සකස් කළ බවයි.

දිවයින පුරා ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල්වල පවතින ගැටලු, අඩුපාඩු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ කරුණු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේ අවධානයට යොමු කළා.

ඒ අනුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49