ගූගල් ඉන්දියාවේ ඩොලර් බිලියන 15ක් ආයෝජනය කරයි

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි කෘතිම බුද්ධිය ආශ්‍රිත කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම කෙරෙහි ගූගල්හි මව් ආයතනය වන සුප්‍රකට Alpha-bet සමාගමේ අවධානය තිබෙනවා.

මේ වෙනුවෙන් සමාගාම ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක්.

අදාළ ආයතනය විශාකාපට්නම් වරාය නගරයේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර එහි අරමුණ වන්නේ කලාපයේ රටවල දොළහකට පමණ ගූගල් දත්ත පහසුකම් සැපයීමයි.

අඟහරුවාදා නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ක්ලවුඩ් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ යෝජිත ව්‍යාපෘතිය ඇමෙරිකාවෙන් බැහැරව පිහිටි ලොව විශාලතම කෘතිම බුද්ධි කේන්ද්‍රය බවට පත්වනු ඇති බවයි.

මේ වන විට ලෝකයේ කෘතිම බුද්ධිය සම්බන්ධ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රටෙහි පවතින අඩු මිල දත්ත පැකේජ හා කෘතිම බුද්ධිය පිළිබඳ ඉහළින් පාරිභෝගික ධාරිතාවයි.

ඒ අනුව ලොව තාක්ෂණික දැවැන්තයෙන් රැසක් එහි ආයෝජනය සඳහා යොමු වී සිටිනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ආන්ද්‍රා ප්‍රදේශ රජය පැවසුවේ ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුමට අත්සන් තැබූ බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26