දිවයිනේ සියලුම රෝහල්වල ලබන 22 වැනිදා, රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකර ඇති බව එම සංගමය පවසනවා.
ඒ පිළිබද දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය විසින් මේ පිළිබද සඳහන් කළා.
එම සංගමයේ නිලධාරීන් රෝහල් පද්ධතිය තුළ මුහුණ දෙන නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු පොදු ගැටළු කිහිපයක් මුලික කර ගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණයකර තිබෙනවා.
මේ පිළිබද අවස්ථා කිහිපයකදී සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද කිසිම අවස්ථාවම අමාත්‍යවරයා සමඟ සාකච්චාවට ඔවුන්ට අවස්ථාවක් හිමි වී නොවුණු බව ඔවුන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
+1
1
+1
2





