ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණ කර ගනිමින් ‘රටම එකට ජාතික මෙහෙයුම’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කර තිබෙනවා.
එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීම රජයේ අපේක්ෂාව බවයි පැවසෙන්නේ.
ඒ අනුව, ‘රටම එකට ජාතික මෙහෙයුම’ හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට සහ ඒ සඳහා ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කිරීමට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබෙනවා.





