පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ භූමිය තුළ නීතිඥවරයෙක් සහ පොලිස් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් අතර ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශනය අදාළ සී.සී.ටී.වී දර්ශන ලබාගැනිමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබා දී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරිය විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අද (12) මෙම අවසරය ලබා දී තිබුණා.
නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් පිටතටගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව සැකකාර පොලිස් නිලධාරියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (12) සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බවයි.





