ගල්කිස්ස උසාවියේ සිද්ධියේ ඇත්ත දැනගන්න CCTV පිරික්සන්න පොලිසියට අවසර

පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ භූමිය තුළ නීතිඥවරයෙක් සහ පොලිස් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් අතර ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශනය අදාළ සී.සී.ටී.වී දර්ශන ලබාගැනිමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබා දී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අද (12) මෙම අවසරය ලබා දී තිබුණා.

නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් පිටතටගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව සැකකාර පොලිස් නිලධාරියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (12) සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12