ගල්කිස්ස උසාවියේ දී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිය පක්ෂපාති පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
මේ අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව සඳහන් කළ පොලිස්පතිවරයා ඒ අනුව රජයේ තිතීඥවරයෙකුගේ සහාය මේ වෙනුවෙන් ලබාගන්නා බවයි පැවසුවේ.
ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් අද (12) ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු බන දෙමින් මෙම අදහස් පළ කළා.





