මලයගම් ප්‍රජාවට නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානය අද

කඳුකර මලයගම් ප්‍රජාවට නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානය අද (12) සිදු කෙරෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදීයී.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ එම හිමිකම්පත් ප්‍රදානය කෙරෙනු ඇති.

ඒ, අනුව අද (12) දිනයේ නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,000ක්.

“සුව පහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක්” යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

ඒ, යටතේ පසුගිය වසරේ මුල් ගල තැබූ නිවාස 1,300 ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, තවත් නිවාස 4,700 ක ඉදිකිරීම්, ලබන වසර වන විට අවසන් කිරීමට නියමිතයි.

අනෙක් නිවාස 4,000 2027 වසරේදී ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?