සතොස ඇතුළේ හොර මඟඩි රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

2024 මැතිවරණ ආසන්නයේ දී ලංකා සතොස සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

මේ බව අනාවරණය වුණේ සතොස ආයතනයේ නිලධාරින් ඊයේ (10) දිනයේ දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේ දීයි.

එමෙන්ම සතොස ආයතනය මඟින් රුපියල් මිලියන 200ක් වැය කර කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකළ සිව්මහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 02ක මාසික කුලී පදනමට ලබාදී ඇති බවයි කෝප් කමිටුවේ දී හෙළි වුණේ.

මේ අතර භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව සතොස ආයතනයේ නිලධාරීන් ඇතුළු සේවකයින්ට රුපියල් ලක්ෂ ගණනින් දිරි දීමනා ගෙවීම ඇතුළු අක්‍රමිකතා රැසක් මෙම කෝප් කමිටුවේ අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?