පොලිස් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කරන්න හෙට විවාදයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව මැදිහත්වීම පිණිස විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට
නියමිතයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 (2) හි විධිවිධාන අනුව හදිසි පොදු වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා මීට අදාළ යෝජනාව සමගි ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සභාව තුළදී ඊයේ (08) ගරු කථානායකවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීම සිදුවුණා.

අනතුරුව මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් පසු ස්ථාවර නියෝග 19 (2) ප්‍රකාරව මන්ත්‍රීවරු 20 දෙනෙකුට නොඅඩු පිරිසක් නැගී සිට එම යෝජනාවට අනුග්‍රහය දැක්වීම සිදුවූ අතර ඒ අනුව කථානායකවරයා විසින් අදාළ අනුමතිය පළකර සිටියා.

ඒ අනුව හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු 03.30 දක්වා විවාදයට ගැනීමට ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8න් 7ක් පමණක් විවාදයට ගැනී‍මටත් අනතුරුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ
පාර්ශවය එක්ව එකඟතාවය දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?