පොලිස් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කරන්න හෙට විවාදයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව මැදිහත්වීම පිණිස විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට
නියමිතයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 (2) හි විධිවිධාන අනුව හදිසි පොදු වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා මීට අදාළ යෝජනාව සමගි ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සභාව තුළදී ඊයේ (08) ගරු කථානායකවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීම සිදුවුණා.

අනතුරුව මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් පසු ස්ථාවර නියෝග 19 (2) ප්‍රකාරව මන්ත්‍රීවරු 20 දෙනෙකුට නොඅඩු පිරිසක් නැගී සිට එම යෝජනාවට අනුග්‍රහය දැක්වීම සිදුවූ අතර ඒ අනුව කථානායකවරයා විසින් අදාළ අනුමතිය පළකර සිටියා.

ඒ අනුව හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු 03.30 දක්වා විවාදයට ගැනීමට ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8න් 7ක් පමණක් විවාදයට ගැනී‍මටත් අනතුරුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ
පාර්ශවය එක්ව එකඟතාවය දක්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39