ඉන්දියාව සහ රුසියාව අතර විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙසැම්බර් මාසයේදී ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
ඇමතුම අතරතුර, අගමැති මෝදි, පුටින්ට සිය 73 වන උපන්දිනය නිමිත්තෙන් යහපත් සෞඛ්‍යයක් සහ අඛණ්ඩ සාර්ථකත්වයක් සඳහා සිය සුබ පැතුම් පළ කළ බව ද මෝදිගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.
නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර ඉන්දියා-රුසියා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මීට පෙර, සැප්තැම්බර් 27 වන දින, රුසියානු ජනාධිපති පුටින් අගමැති මෝදි සමඟ දුරකථන සංවාදයක් ද පවත්වා තිබුණා.















