රනිල්ව බලන්න හරිනි රෝහලට ආ බොරු කතාව ගැන අහන්න රවී කුමුදේශ් CIDයට කැඳවයි

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහල් ගතව සිටිය දී ඔහුගේ සුවදුක් බැලීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික රෝහලට පැමිණි බවට මාධ්‍ය වෙත තොරතුරු ලබාදී ඇති බව පවසමින්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය දී කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට අග්‍රාමාත්‍යවරිය රාත්‍රියේ ගොස් ඇති බවට මෙරට ඇතැම් මාධ්‍ය අසත්‍ය පුවතක් වාර්තා කර තිබුණා.

එම අසත්‍ය පුවත අග්‍රාමාත්‍ය කාර්යාල විසින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, එලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39