දඹුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට හදිසියේ ඇති වූ අසාද්මිකතාවයක් හේතුවෙන් අද (07) දහවල් රෝහල් ගතකර තිබෙනවා.
පාසලේ විද්‍යාගාරයේ තිබූ යම් රසායන ද්‍රව්‍යයක් දිව ගෑම හේතුවෙන් හත්වන වසරේ සිසුන් හත්දෙනෙක් රෝගී වී මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් ගත කළ සිසුන් අතර, පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය නිවාඩු දින කිහිපයේ විදුහලේ විද්‍යාගාරය රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා ඇති අතර, එහි විසිරී තිබුණු රතු පැහැති ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව ගා රස බලා ඇති බවයි හෙළි වී ඇත්තේ.
ඒ, අනුව එම සිසුන්ට ඇති වූ අසාද්මිකතාවයක් මත ඔවුන්ව මෙලෙස දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන් විසින් මෙලෙස දිවගාඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවයි.















