රසායනික ද්‍රව්‍යයක් ශරීර ගත වී සිසුන් හතක් රෝහලේ

දඹුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට හදිසියේ ඇති වූ අසාද්මිකතාවයක් හේතුවෙන් අද (07) දහවල් රෝහල් ගතකර තිබෙනවා.

පාසලේ විද්‍යාගාරයේ තිබූ යම් රසායන ද්‍රව්‍යයක් දිව ගෑම හේතුවෙන් හත්වන වසරේ සිසුන් හත්දෙනෙක් රෝගී වී මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගත කළ සිසුන් අතර, පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය නිවාඩු දින කිහිපයේ විදුහලේ විද්‍යාගාරය රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා ඇති අතර, එහි විසිරී තිබුණු රතු පැහැති ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව ගා රස බලා ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඒ, අනුව එම සිසුන්ට ඇති වූ අසාද්මිකතාවයක් මත ඔවුන්ව මෙලෙස දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන් විසින් මෙලෙස දිවගාඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02