ළමුන්ට දඬුවම් කිරීමට අවස්ථාව නොදීම තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් – මානව හිමිකම් කොමසාරිස්

ළමුන්ට දඬුවම් කිරීමට ගුරුවන්රුන්ට අවස්ථාව නොදීම තුළ ඇතැම් විට පාසල් පද්ධතිය තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා අද (07) මේ බව පැවසුවා.

පාසල් පද්ධතිය තුළ විනය සහ ශික්ෂණය පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකරනු ලබන හිංසනය සහ පහරදීම අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ම චක්‍රලේඛන ඔස්සේ තහනම් කර ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

ළමයෙකුගේ වරදක් නිවැරදි කිරීමට දඬුවම ප්‍රධාතම සාධකය නොවන බවයි, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම වරදකට දඬුවම් කිරීමෙන් ගුරුවරයෙකු තුළ අපරාධකාරයෙක් යන හැඟීම ඇතිවන්නේ නම් එය ද බරපතළ ගැටළුවක් බවත් කොමසාරිස්වරයා පවසනවා.

මේ අතර සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සිදුවිය යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00