Update – ගම්පොළ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මරුට

ගම්පොළ, දොළුව ප්‍රදේශයේ දී අද (06) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරට මුහුණ පෑ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දොළුව විහාරස්ථානය ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් පිටුපස රැඳී සිටි කාන්තාවන් සිව්දෙනෙක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකළ මෝටර් කාන්තාවක් විසින් පදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?