බෝලෙ ගන්න පූල් එකට පැන්න සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට

පාසලේ පිහිනුම් තටාකය ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සිදුවීමක් මාතර, දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

මෙම සිසුවා පාසල් නිවාඩු දිනයක් වූ ඊයේ (05) පස්වරුවේ තවත් කිහිපදෙනෙකු සමඟ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙනවා.

එහිදී බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පැන ඇති සිසුවා එහි ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලුනු සිසුවා වහාම ඉන් ගොඩගෙන බතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂය පත්වූ සිසුවා සේජාන් විස්මිත සචින්ත නැමැති දික්වැල්ල, දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
44
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03