පාසලේ පිහිනුම් තටාකය ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සිදුවීමක් මාතර, දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
මෙම සිසුවා පාසල් නිවාඩු දිනයක් වූ ඊයේ (05) පස්වරුවේ තවත් කිහිපදෙනෙකු සමඟ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙනවා.
එහිදී බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පැන ඇති සිසුවා එහි ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලුනු සිසුවා වහාම ඉන් ගොඩගෙන බතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙලෙස ජීවිතක්ෂය පත්වූ සිසුවා සේජාන් විස්මිත සචින්ත නැමැති දික්වැල්ල, දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.






