දුම්රියේ ගැටී පුද්ගයින් දෙදෙනෙක් මියයාමේ සිද්ධීන් දෙකක් පුදුකුඩිඉරුප්පු සහ කඩුගන්නාව යන ප්‍රදේශවලින් වාර්තා වනවා.
ඊයේ (05) අලුයම් කාලයේ තලෛමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
මේ අතර ඊයේ (05) පස්වරුවේ කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී ද පුද්ගලයෙක් දුම්රියක ගැටී තිබෙනවා.
මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී මියගොස් ඇති බවයි කඩුගන්නාව පොලිසිය සඳහන් කළේ.
අකුරැස්ස, කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27ක තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.





