තැන් දෙකකදී දෙදෙනෙක් යකඩ යකාට බිලි

දුම්රියේ ගැටී පුද්ගයින් දෙදෙනෙක් මියයාමේ සිද්ධීන් දෙකක් පුදුකුඩිඉරුප්පු සහ කඩුගන්නාව යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

ඊයේ (05) අලුයම් කාලයේ තලෛමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු‍ 32ක පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (05) පස්වරුවේ කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී ද පුද්ගලයෙක් දුම්රියක ගැටී තිබෙනවා.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී මියගොස් ඇති බවයි කඩුගන්නාව පොලිසිය සඳහන් කළේ.

අකුරැස්ස, කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු‍ 27ක තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16