250 වන ඇමරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.
මෙම නව ඩොලරයේ කාසියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව එක්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් දිනය එළඹෙන 2026 වසරේ යෙදී තිබෙනවා.
මෙම කාසියේ එක පැත්තක පසුගිය වසරේ පෙන්සිල්වේනියාවේ දී සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප් තම හස්තය ඔසවන ප්‍රසිද්ධ රූපය ඇති අතර, ඉහළින් “සටන් කරන්න සටන සටන” යන වචන සහ ඔහුගේ හිස පිටුපස ඇමරිකානු ධජයක් පෙන්නුම් කරනවා.
කාසියේ අනෙක් පැත්තේ ට්‍රම්ප්ගේ රුව සමඟ “අපි දෙවියන් වහන්සේව විශ්වාස කරමු” සහ 1776 සහ 2026 ලෙස ඇමරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙනවා.















