යකඩ පටවාගත් ලොරි රථයකට උඩුගම්පොළ දී පාසල් සිසුවෙක් බිලි (වීඩියෝ)

ගම්පහ, උඩුගම්පොළ, වීදියවත්ත මංසන්ධියේදී අද (04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීදියවත්ත, දොළාගත පාරේ පදිංචිව සිටි කෂේන් වගේෂ් නැමැති වයස අවුරුදු 15ක සිසුවෙක්.

මෙම සිදුවා අද (04) පෙරවරුවේ පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වී එන අතරතුර පිටුපසින් පැමිණි යකඩ පටවාගත් ලොරි රථයක් සිසුවා යටකරගෙන තවත් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මැදිහත් වී අනතුරට පත් වූ සිසුවා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?