සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන තුළින් සමාජගත කළ යුතු බව අගමැතිනිය කියයි

සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ, ‘ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය සතුට පතුරවන අද වැනි දවසක බෙදාහදාගැනීම, එකමුතුකම වැනි යහ ආකල්ප කෙරෙහි වැඩි අවධානයක්’ යොමු කළ යුතු බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව , අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන් ම කාර්ය මණ්ඩලය ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?