දොස්තර ස්ටිකරය ගැන රජයේ දොස්තරලා හඬ අවදි කරයි

රජයේ වෛද්‍යවරුන් හඳුනාගැනීමට සඳහා මෝටර් රථවල ඉදිරිපස වීදුරුවේ අලවා ඇති අවසර පත්‍රය ගැසට් පත්‍රයකින් අනුමත කරන ලද්දක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම නිලධාරීන්ගේ සංගමය අද (01) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව සඳහන් කළා.

සේවා අවශ්‍යතාව මත වෛද්‍යවරුන් රෝහලවෙත කැඳවාගෙන යාමට අදාළ අවසර පත්‍රය නිකුත් කිරීම හේතු වී ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මෙලෙස නීත්‍යානුකූලව නිකුත් කර ඇති, රජයේ වෛද්‍ය නිලධාරීන් හඳුනාගැනීමමේ අවසර පත්‍රය රෝගී සත්කාරය පහසුකර ගැනීම සඳහා රජයත් සමඟ සාකච්ඡාකර ගනු ලැබූ තිරණයක ප්‍රතිඵලයක් මත නිකුත් කරන ලද්දක් බවයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෛද්‍යවරු විසින් පෞද්ගලිකව ගනු ලැබූ තීරණයක් මත මෙම හඳුනාගැනීමේ අවසර පත්‍රය නිකුත් කර නොමැති බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

වෛද්‍යවරුන් විසින් අදාළ අවසරපත මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ අලවාගෙන යාම වෛද්‍යවරුන්ගේ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමක් බව සමාජ මාධ්‍ය තුළ යම්කිසි පිරිසක් ඉතා කුහක අන්දමින් අදහස් පළකරන බව ද ඔහු පවසා සිටියා.

රථ වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය දා දැනුම් දුන්නා.

ඇතැම් පුද්ගලයින් අවශ්‍යතාව නොදැනෙන තම තත්ත්වය සමාජයට පෙන්වීමට එම ස්ටිකර් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ඇලවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බව සඳහන් කරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තනතුර තානාන්තරය පෙන්වීමට වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමට ඉදියේ දී පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.

  1. මේකට කරන්න ඕනි, රොහල් කාර්‍යමන්ඩයට gatepass එකක් හෝ ගැදුනුම්පතක් හෝ QR කේතයක් නිකුත් කල යුතුය..ලෝකේ කිසිම රටක මෙහෙම එකක් නෑ. වෛද්‍ය්වරුන්ට ඔකෙන් වෙලා ඉන්නේ බැංකු, ඉන්සුවරන්ස්, ලීසින් වාහන සේල් එකි මෙකී නොකී උන්ගෙන් පාරෙදිවත් බේරිලා ඉන්න නැති වීමයි. අනික සමාජයේ මිනිස්සු අතරේ ඉන්න ඕනි නිකන් බමුණා වගේ ඕක් ගහන් ගියාම. ඔහොම එකක් ලෝකේ ඔහේවත් නෑ. මේවා කොහොම කිවත් ඕක කිසිම වැඩක් නැති දෙයක්..පාරෙදි නිකන් බයික් කාරයොන්ට තද උනාම ” බූරු ඩොකා තෝ පාරේ යන්නේ ඔහොමද් ? කියලා අහගන්න ඕනි නෑ….ඕවාට වඩා ප්‍රශ්න සෞක්‍යයේ තිබේ ඒවාට මැදිහත් වෙන්න

  2. ඔය අවසර පත්‍රිකාව වාහනය තුල තබාගෙන අවශ්‍ය අවස්ථාවකදී පෙන්විය හැකි නේද ? වාහනයට නොවෙයිනෙ තනතුර තියෙන්නෙ. පුද්ගලයටනෙ.

  3. මේකෙන්ම මේ doctors ලගෙ හීන මානය පේනව. මම doctor , මම lawyer , මේ කැටයම් ලංකාවෙ විතරයි. මං දන්න doctor කෙනෙක්ගෙ පුතෙක් බොරුවට sticker ගහගෙන යනව. වෙනමම අවදානයක් ගන්න

    • ඒක ඇත්ත, Doctor යන්නේ නැතිවෙලාවට බල්ලොත් දාගෙන යනවා. මම දන්න කෙනෙක්, Doctor විකුණූ වහනය මිලදී ගෙන, ඔය sticker එක තාම ගහගෙන ඉඹිනවා.

  4. ලෝකයේ වෙනත් රටවල්වල මෙහෙම දේවල් ක්‍රියාත්මක වෙනවද? රටේ හැමෝම බදු ගෙවන සමාන පුරවැසි්යෝ. නීතිය සැමට පොදුයි. වුර්තිය අනුව විශේෂ තත්වයක් හිමිවියයුතුද? ආපදා තත්වයකදී හැර කාටවත්ම මෙලෙස වරප්‍රසාද හිමිවීම නොගැලපෙන දෙයක්.. රටේ ජනතාවගෙ මුදලින් අද්‍යාපනය ලබලා ඒ ජනතාව අතර උස් තැනක වැජබෙන්නට අවස්තාවක් නොලැබීයායුතුය

  5. රෝහල් වල අය විතරක් නෙවේ office වල ඉන්න අයත් ඕක ගහගෙන යන්නේ, හදිසි ලියුම් අත්සන් කරන්නද

  6. Doctor කියන්නෙ ලංකාවෙ මහා ලොකුම තනතුරක් කියල මානසිකත්වයක් හදාගෙන තමන්ගෙ දරුවොත් දොස්තරල කරන්න දගලන මිනිස්සුම තමන්ගෙ එකා පාස් එක ගහගෙන යන කොට බොහොම ආඩම්බරෙන් තමයි බලන් ඉන්නෙ

  7. මැරෙන්න යන වෙලාවේ දොස්තරලා දෙවියෝ කියලා කෑගහන අය එකෙ ලස්ටිකර් එක ගහගෙන ගියහම ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා ඩොක්ටර් කෙනෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් තමන්ගේ වෘත්තීය පිළිබඳ හැඳින්වීමක් අනිත් අයට බාධාව නොවන විදිහට ස්ටිකරයකින් ගහගෙන ගියාට අනිත් උන්ට තියෙන උන මොකක්ද ඕන කෙනෙක් ගහගෙන ගියාවෙ ක්ලාක් කෙනෙක් නම් ක්ලාක් කෙනෙක් කියලා ගහගන්න ඇයි ඒක ගහගන්න ලැජ්ජා තමුන් කරන ජොබ් එක ඉහළ ින් අගයක් දෙන්න තමුන් දැනගන්න ඕන ේ අනික විශේෂ යෙන්ම වෘත්තීන් කරන අයට ඉක්මනින් තමන්ගේ ආයතන වෙත ළඟාවීමේ හැකියාවක් අවශ්‍යයි යම් කෙනෙක් ඔය වෛද්‍යවරයෙකුට ඊර්ෂ්‍යා කරනවනම් කවදා හරි හොස්පිල් එකකට ගිහින් හුස්ම අදිනකොට තමන් කරගත්තු වැරැද්දට කණගාටු වෙන්න වෙයි කැමති ඕනම වෘත්තිකයකුට තමන්ගේ වෘත්තිය පිළිබඳ හැඳින්වීමක් තමන්ගේ කාර් එකේ ගහගෙන ගියාට නීතියෙන් තහනමක් යොදනවා නම් ඒ කුහකකම මිසක් වෙන මොකක්ද

  8. MLT ල එහෙම ඇති පුකකුත් නෑ. ලොකුකමට ගහන් යන්නෙ,තව doctor ලත්,රාජ්‍ය නිලධාරිණින් යද්දි පොලීසිය උන්ට යන්න හරිනව.පුංචි උන් අල්ලනව. අවනීතිය රජ කරනව.මේ තීරණය නියමය..ජය වේවා..

  9. Car pass එකෙන් යන්න පුලුවන් පාරෙ විතරයිනෙ. පාක් කරල බැස්සම හැමෝම එකයි. ඕක අලවගෙන ගියාට ඒකෙ ලොකු අරුමයක්, වාසියක් නැහැ . ඇම්බියුලන්ස් වලටත් ඉඩ නොදෙන රටේ ඒකෙ කිසිම අමතර වාසියක් නැහැ . වෙලා තියෙන්නේ දකින කොට දිරවන්නෙ නැති කම. ඔය ලෙඩ ඔක්කොම සනීප වෙන්නෙ තමුන්ගෙ එකෙක් මැරෙන්ඩ වැටුනම තමයි.

  10. ආතල් ඕන නෑ තමුන්ගේ ඩියුටිය හරියට වෙලාවට කරාම ඇති පාරෙ යන මිනිස්සු පෙරලගෙන ගිහින් වැඩ කරන්න ඕනත් නෑ අක්ක එනකන් ඉන්න අය ලෙඩාගේ ජිවිතය බේරගන්නවනේ හැම රස්සාවම රටට වැදගත් මෙහෙයක් ඉටු කරනවා

  11. මගේ කාර් එකෙත් මම ගහලා තියනවා, මේ කාර් එක ගාල් කිරීමේ දී ඔබට ගැටලුවක් ඇත්නම් කරුනාකර මේ දුරකතන අංකයට අමතන්න කියලා නම සහ දුරකතන අංක දෙකක් සදහන් සටහන් කරලා තියනවා, මේක නිසා දවසක් මගේ කාර් එකේ මනුස්සයෙක් වද්දලා මට වින්ඩ්ස්ක්‍රීන් එකේ නම්බර් එකෙන් කෝල් කරලා මගේ අලාභය ගෙවලා ගියා ඒක හොද නැත්ද ? මුන්ට පිස්සු,මුන් තමයී ඕක ගහන්න කිව්වෙත් දැන් බයිලා ගහනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32