මැල්සිරිපුර – නාඋයන ඛේදවාචකයෙන් කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම ස්වාමීන් වහන්සේ අද (28) උදෑසන අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ, අනුව මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුව කඩාවැටීමෙන් අපවත් වූ හිමිවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් ස්වාමීන් වහන්සේ නම වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (27) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වනදා අපවත් වුණා.
අපවත් වූ හිමිවරු හත්දෙනාගෙන් තිදෙනෙක් විදෙස් ජාතික හිමිවරුන් වන අතර සිව්දෙනෙක් මෙරට ස්වාමීන් වහන්සේලා වනවා.
එලෙස අපවත් වූ මෙරට ස්වාමීන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු ඊයේ (27) පස්වරුවේ සිදු කෙරුණා.
අනතුර සිදු වූ අවස්ථාවේ දී ඩක්කුවේ ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් කරමින් සිට තිබෙනවා.















