මැල්සිරිපුර – නාඋයන ඛේදවාචකයෙන් අපවත් වූ හිමිවරුන්ගේ සංඛ්‍යාව ඉහළට

මැල්සිරිපුර – නාඋයන ඛේදවාචකයෙන් කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම ස්වාමීන් වහන්සේ අද (28) උදෑසන අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුව කඩාවැටීමෙන් අපවත් වූ හිමිවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් ස්වාමීන් වහන්සේ නම වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (27) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වනදා අපවත් වුණා.

අපවත් වූ හිමිවරු හත්දෙනාගෙන් තිදෙනෙක් විදෙස් ජාතික හිමිවරුන් වන අතර සිව්දෙනෙක් මෙරට ස්වාමීන් වහන්සේලා වනවා.

එලෙස අපවත් වූ මෙරට ස්වාමීන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු ඊයේ (27) පස්වරුවේ සිදු කෙරුණා.

අනතුර සිදු වූ අවස්ථාවේ දී ඩක්කුවේ ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් කරමින් සිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02