ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රඥප්තිය සහ ජාතික ප්‍රතිපත්තිය සඳහා 2006 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

වෙනස් වන ලෝක ප්‍රවණතාවන්ට අනුව ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතු බව හඳුනා‌ගෙන ඇත්තේ.

එමෙන්ම, 2052 වර්ෂය වන විට අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% ක් දක්වා වන අගයකට ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති බැවින්, වැඩිහිටි ජනගහනයේ සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද හඳුනා‌ගෙන තිබෙනවා.

ඒ අනුව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන ‘ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් – අර්ථවත් විශ්‍රාම දිවියක්’ තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පරිදි ‘ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය’ සකස් කරනු ලැබ තිබෙනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11