එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එළෙඹෙන බදාදා අමෙරිකානු වේලාවෙන් පස්වරු 3.15 ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
ජනධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට නිරතවීමට නියමිතයි.
ඊට අමතරව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වන බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1
1















