ජනාධිපති අනුර අද අමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එළෙඹෙන බදාදා අමෙරිකානු වේලාවෙන් පස්වරු 3.15 ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

ජනධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට නිරතවීමට නියමිතයි.

ඊට අමතරව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වන බව සඳහන්.