ජනපති පදවි ප්‍රාප්තියට අදට වසරයි

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක තේරීපත් වී අදට වසරක් සපිරෙනවා.

2024 වසරේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 5,634,915ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තේරී පත් වුණා.

මෙම මැතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබා ගත්තා.

පුද්ගලයින් 5,634,915 දෙනෙකුගේ කැමැත්තෙන් තේරී පත් වූ මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම්දීම සිදුකෙරුණේ 2024 වසරේ සැප්තැම්බර් 23 වනදායි.

ජනතා විමුක්ති මූලික කර ගනිමින් ගොඩනැඟූ ජාතික ජන බලවේගයෙන් තරග කර ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සැලකෙන්නේ වාමාංශික පක්ෂයකින් බිහි වූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙසසයි.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිදුකළ සිය මංගල කතාවේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේ රට වෙනස් වීමට කාලයක් ගත වන බවත්, ජනවරම ලැයිස්තුගත කර ඇති කැපවීම් ඉටු කරන බවට පොරොන්දුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?