ජනපති පදවි ප්‍රාප්තියට අදට වසරයි

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක තේරීපත් වී අදට වසරක් සපිරෙනවා.

2024 වසරේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 5,634,915ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තේරී පත් වුණා.

මෙම මැතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබා ගත්තා.

පුද්ගලයින් 5,634,915 දෙනෙකුගේ කැමැත්තෙන් තේරී පත් වූ මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම්දීම සිදුකෙරුණේ 2024 වසරේ සැප්තැම්බර් 23 වනදායි.

ජනතා විමුක්ති මූලික කර ගනිමින් ගොඩනැඟූ ජාතික ජන බලවේගයෙන් තරග කර ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සැලකෙන්නේ වාමාංශික පක්ෂයකින් බිහි වූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙසසයි.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිදුකළ සිය මංගල කතාවේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේ රට වෙනස් වීමට කාලයක් ගත වන බවත්, ජනවරම ලැයිස්තුගත කර ඇති කැපවීම් ඉටු කරන බවට පොරොන්දුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37