රථ වාහන තදබදයකට හසු වූ ගිලන් රථයක් තුළ සිටි බිළිඳෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා කරනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු එක හමාරක දරුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.
දරුණු ශ්‍රෝණි තුවාල ලබා සිටි මෙම දරුවා නයිගෝන්, චින්චෝටි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම මුම්බායි හි රෝහලකට මාරුකර යවන ලෙසයි.
වෛද්‍ය නිර්දේශ අනුව දරුවා ගිලන් රථයකින් මුම්බායි හි රෝහලකට මාරුකර යැවීමට කරයුතු කර තිබෙනවා.
දරුවා ද රැගත් ගිලන් රථය මුම්බායි-අහමදාබාද් අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පැය පහක පමණ කාලයක් රථ වාහන තදබදයකට හසුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගිලන් රථය තුළ කඩිනම් ප්‍රතිකාර අවශ්‍යව සිටි රෝගී දරුවා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
අධිවේගී මාර්ගයට සම්බන්ධ වන තානේ-ගොඩ්බන්ඩර් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම මාර්ගයේ දිගු වාහන පෝලිමක් තදබදයට ලක්ව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.





