ලොකු ට්‍රැෆික් එකකට හසු වූ ගිලන් රථයක සිටි කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස මියගිහින්

රථ වාහන තදබදයකට හසු වූ ගිලන් රථයක් තුළ සිටි බිළිඳෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා කරනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු එක හමාරක දරුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

දරුණු ශ්‍රෝණි තුවාල ලබා සිටි මෙම දරුවා නයිගෝන්, චින්චෝටි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම මුම්බායි හි රෝහලකට මාරුකර යවන ලෙසයි.

වෛද්‍ය නිර්දේශ අනුව දරුවා ගිලන් රථයකින් මුම්බායි හි රෝහලකට මාරුකර යැවීමට කරයුතු කර තිබෙනවා.

දරුවා ද රැගත් ගිලන් රථය මුම්බායි-අහමදාබාද් අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පැය පහක පමණ කාලයක් රථ වාහන තදබදයකට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගිලන් රථය තුළ කඩිනම් ප්‍රතිකාර අවශ්‍යව සිටි රෝගී දරුවා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අධිවේගී මාර්ගයට සම්බන්ධ වන තානේ-ගොඩ්බන්ඩර් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම මාර්ගයේ දිගු වාහන පෝලිමක් තදබදයට ලක්ව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42