මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, ජනධිපති කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක්.
ආර්ථික අර්බුදය හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් එහි ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබුවා.
මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
3
+1
+1
+1
1
+1
2





