බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පහළොවකට තුවාල

හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (16) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
අනතුරට ලක්වූ බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් ඉඩංගොඩ සහ රත්නපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, කිරිඇල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?