Update – දක්ෂිණ අධිවේගයේ අද අලුයම සිදු වූ අනතුරේ තොරතුරු රැසක් අනාවරණය වෙයි (ඡායාරූප)

පුද්ගලයින් 08 දෙනෙක් ගමන් ගත් වෑන් රථයක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර 9.6 ආර් ප්‍රදේශයේදී අධි ශීතකරණ සහිත ලොරි රථයක ගැටීමෙන් අද (16) අලුයම් කාලයේ අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් 32 හැවිරිදි අවිවාහක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තුවාල ලැබූවන්ගෙන් සිව්දෙනෙක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් කාන්තාවක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් තිදෙනා කුඩා ළමුන්වන අතර, ඔවුන් තිදෙනාම කළුබෝවිල රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

වයස අවුරුදු 13, 11 සහ 07 යන වයස්වල පසුවන් ළමුන් තිදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ වූ නෙළුව, තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාන්තාව විවාහ වීමට සිටින තරුණයා විදෙස් ගතව සිට මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත යමින් සිටිය දී මොවුන් පිරිස මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂය පත් වූ තරුණිය වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ ගමන් කර ඇති අතර, එළෙඹෙන දෙසැම්බරයේ
ඇය විවාහවීමට සිටි තරුණයා වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, ලොරි රථයේ පිටුපස දකුණු පස සුළු හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (16) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

වෑන් රථය පැදවූ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

WhatsApp Image 2025 09 16 at 9.07.48 AM
WhatsApp Image 2025 09 16 at 9.07.47 AM
DeWatermark.ai 1757993831728
DeWatermark.ai 1757993791646
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
21
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?