ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සැප්තැම්බර් 26 වනදා සිට

ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන නමින් එළඹෙන සැප්තැම්බර් 26 වනදා සිට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මෙම වසර තුළ දී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් සඳහා ඉදිරි මස කිහිපය දී මුල්ගල් තබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

වසර තුනක් තුළ සුවතා සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් මඟින් ජනතාව ආවරණය කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු පැවසුවා.

ඇහැළියගොඩ හෙවයින්න කන්ද විද්‍යාලයේ දී අද පැවති, ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ තෙවන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බෝ නොවන රෝගවලින් මෙරට ජනතාව ආරක්ෂාකර ගැනීම ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?