නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඊයේ (12) යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවුණා.
යුද හමුදා මූලස්ථානයේදී මෙම හමුව සිදු වූ බවයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
පොලිස්පතිවරයා සිය රාජකාරිය ඇරඹීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි පොලිස්පතිවරයා, යුද හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබුවා.
පසුව, යුද හමුදාධිපති විසින් පොලිස්පතිවරයා පිළිගනු ලැබූ අතර, එහිදී යුද හමුදාධිපති විසින් පොලිස්පති වෙත ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දුන්නා.
යුද හමුදාධිපති සහ පොලිස්පති අතර පැවැති සුහඳ සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධාණය යොමු කරනු ලැබුවා.
සුහද හමුව අවසානයේ යුද හමුදාධිපති විසින් නව පොලිස්පතිවරයාගේ ඉදිරි රාජකාරී කටයුතු සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක්කර සිටියා.












